ප්‍රධාන ඇමතිගේ ළි‍‍ඳෙන් උණ්ඩ මතුවෙලා

September 17, 2016

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ ළිඳක තිබී උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

අනුරාධපුර පොලීසිය පැවසුවේ මහ ඇමතිවරයාගේ අනුරාධපුර නිල නිවාස පරිශ්‍රයේ ළිඳක මෙම උණ්ඩ තිබූ බවයි.

පැරණි උණ්ඩ තොගයක් එහි තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සේවකයින් විසින් ළිඳ පිරිසිදු කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන තිබේ.

ටී 56 වර්ගයේ උණ්ඩ 259ක්, ඒ.කේ 47 ස්වැංක්‍රිය ගිනි අවි සඳහා යොදන උණ්ඩ 15 ක් පමණ එහි තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව  අනුරාධපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා අද දෙරණ සිදු කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p