ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අලුත් වචන

September 15, 2016

ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක රෝල්ඩ් ඩාල් ගේ සිය වැනි උපන් දිනය සැප්තැම්බර් 13 වැනිදා ලොව වටා රෝල් ඩාල් රසිකයින් විසින් විවිධ අයුරින් සමරණු ලැබීය. රෝල්ඩ් ඩාල් වඩාත් ජනප්‍රියව ඇත්තේ ළමා නවකතා පාඨකයන් අතරය. ‘ජේම්ස් ඇන්ඩ් ද ජයන්ට් පීච්’, ‘මැටිල්ඩා’ සහ ‘චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි’ වැනි ඔහු ගේ කෘතීන් පිටපත් මිලියන 250 කට වඩා අළෙවි වී ඇති අතර ඒවා භාෂා 58 කට පමණ පරිවර්තනය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය ඔහුගේ සිය වැනි උපන් දිනය සමරනු ලැබුවේ ඩාල් විසින් නිර්මාණය කරන ලද වචන හයක් තම ශබ්ද කෝෂයට ඇතුළත් කරමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p