හම්බන්තොට තරුණයා අතුරුදහන් වීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද ?

September 15, 2016

එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වෙනි මහ සැසිය ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා ආසන්නව තිබියදී හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේදි තරුණයෙකු අතුරුදහන් කිරිම කිසියම් දේශපාලන කණ්ඩායමක් අවශ්‍යතාවය මත සිදුවූවේදැයි වහාම සොයා කරුණු වාර්තා කරන ලෙස රජය රාජ්‍ය බුද්ධි අංශ වෙත අද (15) දැනුම් දී තිබේ.
හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයා අතරුදහන් වී සතියක කාලයක් ගතවුවද ඔහු සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මෙතෙක් හෙළි නොවිම පිළිබබඳවද රජයේ දැඩි අවධානය යොමුව ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ සැසියට සහභාගිවෙද්දි යම් හෙයකින් හම්බන්තොට බදගිරිය තරුණයා අතුරුදහන්විමේ සිද්ධිය මත කිසියම් අපහසුතාවයක් ඇතිවුවහොත් එහි වගකිම සම්පුර්ණයෙන්ම පොලිස්පතිවරයා හා ශ්‍රී ලංකා පොලීසිය භාරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරින්ට අද උâසන දැඩි ලෙස දැනුම් දී තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වෙනි සැසිවාරය අත ලගටම පැමිණ තිබෙන අවස්ථාවේ දකුණේ තරුණයෙකු අතුරුදහන්විමත් ඒ පිළිබඳ සතියක් ගතව ගොස් ඇතත් කිසිදු තොරතුරක් වාරතා නොවීමත් රජයේ උපදේශකයින්ගේ දැඩි අවධානයට ඉකුත් දින කිහිපයේදීම යොමුව පැවති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතින්ගේ මහ සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවත් ශ්‍රී ලංකාවත් අපහසුතාවයට පත් කිරිම සඳහා ඉහත අතුරුදහන් කරවිම කරවා තිබේනම් ඊට සම්බන්ධ කිසිවෙකුටත් බුරුලක් නොලැබෙන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම නිලධාරින්ට වැඩිදුරටත් දැනුම් දි ඇත.
කඩාකප්පල්කාරි දේශපාලන කණ්ඩායමක් දකුණු පළාතේ හම්බන්තොට ශක්තිමත්ව සිටින්නේද යන්නත් අදාළ තරුණයා අතුරුදහන්විම හා ඒ අතර සම්බන්ධයක් ඇතිද යන්නත් ගැන දැඩි විමසිල්ලක් දක්වන ලෙස ද රාජ්‍ය බුද්ධි අංශ වෙත රජය වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p