ඇමතිට ටොකක් ඇන්නා පොලිස්පති ප්‍රකාශ කරලා

September 13, 2016

පොලීසිය බාර ඇමතිවරයා වන නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අතර දැඩි විරසකය මේ වන විට උග්‍ර තත්ත්වයට පත් වෙමින් තිබේ.
එම තත්ත්වය එළියට එන්නේ 150 වන පොලිස් දිනයත් සමඟය. පොලිස් දිනය වෙනුවෙන් පැවැති උත්සවයට සුදානම් කර තිබු කෙටි ආහාර සංග්‍රහය (ෂෝට් ඊට්ස්), සමරු කාසිය හා පොලිස් දිනය වෙනුවෙන් මුද්‍රණය කිරිමට සුදානම් කර තිබු සමරු කලාපය අත්හිටුවිම මෙයට හේතුවී තිබේ.
ප්‍රභුවරු වෙනුවෙන් කෙටි ආහාර සංග්‍රහයට රුපියල් ලක්ෂ පනහක මුදලක් හා සමරු කලාපයට ලක්ෂ සියයක මුදලක් වැය කිරිමට සුදානම් කර තිබීම හා රුපියල් 500 ක සමරු කාසිය රුපියල් 12000 කට පොලිසියේ ඉහළ නිලධාරින්ට විකිණිමට කටයුතු කිරිම සාගල රත්නායක ඇමතිවරයා විසින් අත්හිටුවා ඇත.
ඒත් සමඟ කුපිත වී ඇති පොලිස්පතිවරයා පොලිස් දිනයදා පැවැති සමරු උත්සවයේ ප්‍රභු ආසන වෙන් කිරිමේදි විෂය භාර ඇමැතිවරයා කොන් කර තබා ඇති අතර ඇමතිවරයාට කතාවක් පවා ලබාදීම වළක්වා ඇත. ඒ ගැන ඔහු පොලිස් නිවස්නයේ පැවැති ප්‍රභු පාටියේදි අතිශෝක්තියෙන් ප්‍රකාශයක්ද කර තිබේ.
ර්‍ණ එයා මට පාට් එක දාන්න ආවා මම එයාට හීන් ටොක්කක් දුන්නා” යනුවෙන් ප්‍රකාශ කර ඇත. ඒ වන විට පාර්ටියේ සැර මත්පැන්වලින් සන්තර්පව සටි පොලිස්පතිවරයාට හිතවත් නිතරම ඔහු සමඟ ගැවසෙන නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගෙන් එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ අපේ සල්ලි අපි වියදම් කලාම කාටවත් තියෙන අමාරුව මොකක්ද යනුවෙනි.
මේ අතර පොලිස් දින දෙකකට පෙර දින විෂයභාර ඇමතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූළස්ථානයට පැමිණ ඇති අතර පොලිස්පතිවරයාට ඒ බව දැනුම් දී ඇතත් ඔහු එම ස්ථානයට පැමිණිමෙන් වැළකී ඇත. මෙහිදි සාගල රත්නායක ඇමතිවරයා එයාට වැඩ ඇතිනේ කියමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
පොලිස්පතිවරයා පොලිසිය තුළ ප්‍රචාරය කරන්නේ අගමැතිවරයාගේ අනුදැනුම මත තමන් මෙලෙස විෂයභාර ඇමතිවරයාට එරෙහිව ක්‍රියා කරන බවකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p