පළාත් පාලන මැතිවරණයට ඇති බාධා වහාම විසඳිය යුතුයි

September 13, 2016

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසරේ මුල් කාලයේදී පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවන කරුණු වහාම විසඳිය යුතු බව ජනතා විමුකිත් පෙරමුණ සඳහන් කරයි.

පළාත් පාලන ආයතන පනතේ හා කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ගැටලු පවතින නිසා මෙම ගැටලු වහාම විසඳීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් අදාළ ගැටලු පිළිබඳව මැතිවරණ බලධාරීන් සමග පක්ෂය සාකච්ඡා කර තිබෙන බවද එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ ය.

මැතිවරණය ප‍්‍රකාශයට පත් කර නොමැති වුවත් ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට සූදානම් වීම සඳහා බිම් මට්ටමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද පවසා සිටියේ ය.

ඉදිරි මැතිවරණයට මුහුණදීමට හා රට තුළ සිදුකරන රටට අහිතකර කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමට බිම් මට්ටමින් දිරිය පුරවැසි සමිති සකස් කර ගෙන යමින් තිබෙන බවත් මෙම සමිති හරහා පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p