රුපියල් කෝටි 221 ට අධික මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්

September 11, 2016

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට මිළදි ගත් බස් රථ වෙනුවෙන් කල්බදු වාරික ගෙවීම, මුහුදු බඩ මාර්ගය කොල්ලූපිටියේ සිට පානදුර දක්වා දීර්ඝ කිරිම, නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන කුළුණු මත මාර්ගය සහ ඉන්දියන් ගිලන් රථ සේවාවේ ආරම්භක වියදම් වෙනුවෙන් මුදල් ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 221 ට අධික මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉකුත් අද (09) මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලදි.
2013 පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මිලදී ගත් බස් රථ වෙනුවෙන් කල් බදු වාරික ගෙවීමට රුපියල් එක් කෝටි අනුඅට ලක්ෂ තිස් හත් දහස් එකසිය තිස් දෙකක මුදලක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉල්ලා ඇත.
මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරිම, කණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතිය සහ නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත ඉදිකෙරෙන මාර්ගයේ මූලික වැඩකටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රුපියල් දෙසිය හත් කෝටි අනූ ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරිමේ වියදම් වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් එකොලොස් කෝටි විසි එක් ලක්ෂයක මුදලක්ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.
මීට අමතරව තවත් අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධයෙන් ද ඉල්ලා ඇති මුදල්ද මෙම පරිපූරකයේ ඇතුලත්වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p