වෙබ් අඩවි හැක් කිරිම හා සයිබර් ප්‍රහාර එල්ල කිරිම

September 9, 2016

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්විම සම්බන්ධයෙන් කතා බහ පසුගිය සතියේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. එයට සැක කරමින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බව වැඩිදුරටත් වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් උදහස් මාධ්‍යයේ පළ වී තිබු අතරම මෙම සිද්ධිය පිළිබඳව ෆේස් බුක් (Face book) හරහා අදහස් පලකළ බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිසුවාගේ හැකියාව හා දක්ෂතාවය අගය කළ යුතු බවය.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වීමට ඔහු දරාතිබු උත්සාහය තාක්ෂණික අතින් විශේෂ ව්‍යායාමයකි. මෙම කරතව්‍ය ලෙහෙසි පහසුවෙන් කෙනෙකුට කළ හැක්කක් නොවන අතර මෙම ශිෂ්‍යයාගේ හැකියාව තක්සේරු කිරිමට මෙය හොද අවස්ථාවකි.
වෙබ් අඩවි හැක් කිරිම හෙවත් අනවසරයෙන් ඒවාට අතුල් වී තොරතුරු සොරකම් කිරිම අනව්‍ය â වෙබ් අඩවිවල සටහන් කිරිම, විකෘති කිරිම ආදිය ශ්‍රී ලංකාවේද නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමට හේතු වේ. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා වර්තමානයේ සිදුවන අපරාධ ඉහල මට්ටමක තිබේ.
තාක්ෂණයේ දියුණුවත් සමඟ හොද සහ නරක දෙපැත්තටම සිදුවීම වැළැක්විය නොහැක. සාමාන්‍ය වෙබ් අඩවි හා ෆෙස්බුක් ගිණුම්වල නොයෙක් අසභ්‍ය â හා සමාජය නොමඟ යවන කරුණු සටහන් කිරිම දඩුවම් ලැබිය හැකි වරදකි.
ලෝකයේ බොහෝ රටවල මෙවැනි වැරදි හා අපරාධ සිදුවීම බහුලව වාර්තා වේ. පසුගිය කාලයේ ඇමරිකානු රහස්‍ය තොරතුරු හා යුද රහස් පිට කිරිම පිළිබඳ චෝදනා එල්ල වූ තරුණයෙක් රුසියාවට පැන ගොස් ආරක්ෂාව ලබා ගත් බවද වාර්තා වී තිබේ. මේ අතින් බලන විට මෙවැනි සිදුවීම් ලෝකය පුරාම විවිධ රටවලින් වාර්තා වන අතර ශ්‍රී ලංකාවේද මෙවැනි සිදුවීම් මීට ඉහත ද වාර්තා වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුල්විමයි. එම නිසාම මෙම පුවතට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන බව පෙනේ.
මෙම පාසල් ශිෂ්‍යයා අත්හදා බලා ඇත්තේ ද තමන්ට දකින්නට අසන්නට ලැබෙන කරුනු බව පැහැදිලිය. ඔහු කර ඇත්තේ වරදක් වුව ද ඔහුගේ සොයා ගැනිම රටේම අවධානය යොමු විය යුතු කරුණකි. එනම් අධි ආරක්ෂාවක් ඇති ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවිමට තරම් ඔහුට තාක්ෂණික හැකියාවක් ඇති වුනේ නම් එම අදහස ගෙන රටට ප්‍රයෝජනවත් ලෙස පරිහරණය කිරිමට බලධාරින් ක්‍රියාකරන්නේ නම් කොපමණ සුදුසුදැයි තේරුම් ගත යුතුය.
එසේ නොමැතිව මෙම ශිෂ්‍යයාට නඩු පවරා හෝ සිරගත කර ඔහුගේ දැනීම වලළා දැමිය යුතු නොවේ. මීට පෙර අවස්ථාවක ද ශිෂ්‍යයෙක් නවීන ගිණි අවියක් නිෂ්පාදනය කිරිම ගැන වාර්තාවක් මාධ්‍යයේ පළ විය. එවිටද බලධාරින් සිදු කළේ ඔහුගේ හැකියාව හා දැනීම වර්ධනය කිරිමට අත දෙනු වෙනුවට නීතිය ඉදිරියට ඔහු පමුණුවා දඩුවම් කිරිමය.
මේ දෙස අප බලධාරින් තේරුම් නොගැනීම කණගාටුදායක කරුණකි. මෙවැනි විශේෂ හැකියාවක් ඇති අය ඇමරිකාව හෝ වෙනත් දියුණු රටක සිටියේ නම් ඔවුන්ගේ  ඥාණයෙන් හා දැනීමෙන් උපරීම ප්‍රයෝජන ලබා ගනු නිසැකය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව නිපැයුම් හා සොයා ගැනීම් බහුලව සිදු වුනත් ඒවා ඉදිරියට ගෙන යාමට ධෛර්ය දිමක් හෝ අත දිමක් සිදු නොවීම කණගාටුදායකය.
මෙම වෙබ් අඩවියට ඇතුල් වූ සිසුවා සටහන් කර තිබෙන අදහස පිළිබඳව එක්තරා වෙබ් අඩවියක් කරුණු වාර්තා කර තිබුණි. එයින් සටහන් කර ඇත්තේ අ.පො.ස (උ/පෙළ) විභාගය පැවැත්වෙන කාල සීමාවේ ගැටලූවක් සහ සරසවි සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙසයි. මෙහි සටහන්ව ඇත්තේ පුරවැසියෙකුගේ සාධාරණ හඩකි.
තවද මීට ඉහත ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව දුන් අවස්ථා අපේ මතකයට නැගේ. සීගිරි ගලේ ලලනාවන්ගේ ඡායාරූප විකෘති කරන ලද ද්‍රවිඩ කතකට අධිකරණය මගින් දඩුවම් නියම කිරිමෙන් පසු ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාවක් දී ඇය නිදහස් කළ බව වාර්තා විනි.
තවත් අවස්ථාවක ජනාධිපතිවරයා ඝාතනය කිරිමට තැත් කිරිමේ චෝදනාව යටතේ සිරගත කර සිටි පුද්ගලයෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි. එබැවින් මෙම පාසල් දරුවාගේ අනාගත සුබ සිද්ධිය සලකා ඔහුට සමාව දී සමාජ යහපතට ඔහු යොමු කරවා ගැනීමට බධාරින්ගේ අවධානය යොමු වේවා !

 

 

තිස්ස අත්තනායක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p