මහ බැංකුවේ බැදුම්කර වංචාවක් වුණාද ? වාර්තාව ඔක්තෝම්බර් මාසයේ

September 8, 2016

මහ බැංකුවේ වූ බව කියන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන වාර්තාව ඔක්තෝම්බර් මස 13 ට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (07) ප්‍රකාශ කළේය.
කිසිදු බාධාවකට බලපෑමකට කෝප් කමිටුව යටත් වන්නේ නැතැයි කී සුනිල් හදුන්නෙත්ති මහතා මහ බැංකු බදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන්නේයැයිද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කීවේය.
පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කිරිමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනා ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනිමේ බලය තිබෙන්නේ යැයිද සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.
කෝප් කමිටුව ඉදිරපිත් කළ අතුරු වාර්තාවේ මහ බැංකු බදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නැතැයි කී මන්ත්‍රීවරයා හැකි ඉක්මණින් මේ වාර්තාව සභාවට ඉදිරිපත් කළ යුතුයැයිද පැවසීය. කෝප් කමිටු සභාපතිවරයාට මේ පරික්ෂණයේදි බලපෑම් එල්ල වෙන බවට තොරතුරු ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p