රාජ්‍ය ආයතන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කරනවා

September 8, 2016

රාජ්‍ය ආයතන 4 ක් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා හොස්පිටලිස් සමාගම, හිල්ටන් හෝටල් සමාගම සහ හයට් රිජන්සි සමාගම යන ආයතන හතර මෙලෙස පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරිමට රජය තීරණය කර ඇතැයද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කරන ආයතන අතරින් පළමුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා සඳහන් කළේය.
එහි සාර්ථක හා අසාර්ථක භාවය මත සෙසු ආයතන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරිමට කටයුතු කරනා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේ කළද මෙම ආයතනවල සේවය කරන කිසිදු සේවකයෙකුගේ අයිතීන් අනාරක්ෂිත නොකරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
එම ක්‍රියාමාර්ගය ගත් පසු රාජ්‍ය වාණිජ ව්‍යවසාය පනත අදාළ ආයතනද පාර්ලිමේන්තුවට වග කියන ආකාරයට කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p