මම සයිටම් අහෝසි නොකරමි – කිරිඇල්ල කියයි

September 8, 2016

රජය කිසිසේත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) අහෝසි කිරිමට කටයුතු නොකරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය.
වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිමට රජය කටයුතු කළහොත් ආණ්ඩුවට උසාවි යාමට පවා සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය
රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් එය පාලනය කිරිමට බලපොරොත්තු වන බවද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයද රජය බලාපොරොත්තු වන්නේයැයිද ඇමති කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 ටතේ ප්‍රශ්නයක් මතු කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p