වැට් බදු පනත් කෙටුම්පත අය වැය යෝජනා සමඟ පාර්ලිමේන්තුවට

September 8, 2016

එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු පනත් කෙටුම්පත අය වැය යෝජනා සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ආණ්ඩුව තීරණය කර ඇත.
වැට් බදු පනත් කෙටුම්පත මගින් 11% ක් වූ බදු අය කිරිම 15% දක්වා වැඩි කිරිමට යෝජනා කර තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනය අනුව පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය කටයුතු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව වූවේ පනත් කෙටුම්පත කැබිනට් සහතිකයෙන් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිසා යළි එය කැබිනට් මණ්ඩලයේ සහතිකය සහිතව යළි ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව ආණ්ඩුව නිවේදනය කළේ නව පනතක් යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බවයි. මේ අනුව රජය විසර්ජන පනතත් සමඟ වැට් බදු වැඩි කිරිමේ යෝජනාව ඉදිරිපත් කිරිමට තීරණය කර ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශ වැය ශිර්ෂය යටතේ මේ සංශෝධනය ද විවාදයට ගෙන සම්මත කර ගැනිමට රජය සැලසුම් කර තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p