පැරිස් සම්මුතිය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

September 8, 2016

ශ්‍රී ලංකා රජය අත්සන් කරන ලද එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය හෙවත් පැරිස් සම්මුතියට සභාවේ අනුමැතිය ලබා ගැනිම සඳහා හෙට (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පක්ෂ නායකයෝ තීරණය කර ඇත.
දේශගුණික විපර්යාස වෙනුවෙන් වන මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය විවාදයට ගෙන අනුමත කර ගැනිම සඳහා එදිනට විවාදයට ගැනිමට නියමිතය තිබු පෞද්ගලික මන්ත්‍රී යෝජනා අත්හිටුවිමටද පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විම පාර්ලිමේන්තු සංකිර්ණයේදී පෙරේදා (06) පැවැති අවස්ථාවේදී මෙම තිරණය ගෙන ඇත.
මෙම සම්මුතිය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පැරිස් සම්මමුතිය ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විවාදයේදි අදහස් දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට පැමිණිමටද නියමිතය.
දේශගුණික විපර්යාස මානව සංහතියේ පොදු කාර්යයක් ලෙස සැලකිල්ලට ගනිමින් ජනතා සුරක්ෂිතතාවය අරමුණු කරගනිමින් මෙම සම්මුතිය මගින් යෝජනා කර ඇත.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p