SSP මහේන් ගුණසේකර DIG කරයි

September 7, 2016

නුගේගොඩ කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරී මහේන් ගුණසේකර මහතා නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්කර ඇත.
දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන සැළසීමේ ලේඛනයේ සිටින  පොලිස් නිළධාරීන් 129 දෙනා අතර මහේන් ගුණසේකර මහතාගේ නමද තිබේ. මෙම උසස්වීම ජාතික පොලිස් කොමිසම විසින් ලබාදී ඇත්තේ කැබිනට් අනුමැතිය පවා හිමිවී ඇති එම ලේඛනයට අනුවය.
දේශපාලන පලිගැනීම් ලැයිස්තුවේ නම් සදහන්ව ඇති නිළදාරීන්ගෙන් පළමුව සහන සැලසුණු නිළධාරියා වන්නේ මහේන් ගුණසේකර මහතාය.
මහේන් ගුණසේකර මහතා ඇතුළු පානදුර කොට්ඨාශයභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරී සමන් රත්නායක, අනුරාධපුර කොට්ඨාශයභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරී අතුල වීරසිංහ, ගල්කිස්ස කොට්ඨාශයභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරී ජනක ගුණතිලක, සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරී සිසිල්ද සිල්වා, සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ.එ්.කේ. මාර්ක් යන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස් කිරීමට දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව නිර්දේශකරනු ලැබීය. එ් අයට එම උසස්වීම් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ පවා අනුමැතිය හිමිවී තිබිණි.
මහේන් ගුණසේකර මහතා ඉදිරි දෙසතිය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතව ඇති බැවින් විශ‍්‍රාම ගැනීමට පෙර නියෝජ්‍ය පොලිස්පතිධූරය ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීමක් සලකා බලා එ් සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම සලකා බලා ඔහුගේ උසස්වීම කඩිනමින් ලබාදීමට කටයුතුකර ඇති බව පොලිස් කොමිසමේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p