මහ කොමසාරිස්ට පහරදීම අගමැති හෙළාදකියි

September 7, 2016

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට රජයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් පහරදුන් අයට එරෙහිව පූර්ණ පියවරක් ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
එල්.ටි.ටි.ඊ හිතවාදින් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදය අවස්ථාවේදී අගමැතිවරයා මේ බව කීවේය
මහකොමසාරිස්වරයාට පහරදීමට පැමිණි පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නොමැති අතර ඔවුන් සියලූ දෙනා දකුණු ඉන්දියානු දෙමළ ජාතිකයන් යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයක් අතරතුර මේ විවාදය ඇතිවිය. එහිදි අදදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා. මෙරට මැලේසියානු තානාපතිවරයා කැදවා අප්‍රසාදය පළ කරන ලෙස මම ඒ අවස්ථාවේම නියෝග කලා. ඒ වගේම මේ සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය උපකාර කරන ලෙසත් සිද්ධිය දැනගත් වහාම මම විදේශ අමාත්‍යාංශ නිලධාරින්ට දැනුම් දුන්නා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු සෑම උපකාරයක්ම ලබාදී තිබෙනවා. විදේශගත වුනාම ඔහුට අවශ්‍ය වාහන හා අනෙකුත් පහසුකම් සලසා දෙනවා. අනෙක මම ගියත් ජනාධිපතිතුමා ගියත් ආරක්ෂක භටයන් අරගෙන යන්න පුළුවන් වුනත් ඔවුන්ට ආයුධ අරගෙන යන්න බැහැ. ඒ නිසා ආරක්ෂාව දෙන්නේ ඒ රටේ රජය විසිනුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට සහභාගී වන නිසා ඔහුට ආරක්ෂාව දෙන්න කියලා අපි එරට මහකොමසාරිස්ට දැනුම් දුන්නා. මේ සිද්ධිය වුනේ දයා ගමගේ මහතා, අනෝමා ගමගේ මහත්මිය හා දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මහකොමසාරිස්තුමා ගුවන් තොටුපොලට ගිය අවස්ථාවේදියි. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා හිටියේ නැහැ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දයා ගමගේ හා අනෝමා ගමගේ ගියා. මහජන පක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන ගියා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගියා. ඒක වැදගත් නිසා එතුමා කුරුණෑගල සම්මේලනයටත් එන්නේ නැතුව ක්වාලාලාම්පූර් ගියා.
(සභාවේ සිනා)
අගමැති – මොකද හිනා වෙන්නේ. එතුමා හිටපු සභාපතිවරයා ලෙස මැලේසියා ගියා. ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් පාර්ලිමේන්තුවේ නැහැ. එහෙම අයට ආරාධනාත් නැහැ.
අපි ද්‍රවිඩ කියන තමිල්නාඩු සංවිධානයේ මැලේසියානු ශාඛාවේ අය තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන ශ්‍රී ලාංකිකයෝ කව්රුත් නැහැ. මැලේසියානු කොටි තමයි මේකට සම්බන්ධ වෙලා තියෙනනේ. ලංකාවේ අය නම් පන්සලකට පහර දෙන්න යන්නේ නැහැ. මේ කණ්ඩායම මැලේසියාවේ ප්‍රධාන විපක්ෂය සමඟ සම්බන්ධයි. එම නිසා අපි විරුද්ධ පක්ෂය සමඟ ලංකාවේ තත්ත්වය ගැන කතා කරනවා.
මහින්ද රාජපක්ෂ මහත්තයට අපි ආරක්ෂාව දෙනවා එතුමා මේ රටේ දේශපාලනය කරන්න ඕනේ. මට නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මැලේසියානු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගේ යාලූවෙක්.
සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා හැමෝම මේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඔවුන් එකට ඉන්න රටක් හදන්න තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හා යහපාලන ආණ්ඩුව කටයුතු කරන්නේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p