මාධ්‍යවේදී ලසන්තගේ මළ සිරුර ගොඩගන්න යයි

September 5, 2016

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ මළ සිරුර  ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම කෙරෙහි එ් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අංශවල විශේෂ අවධානයක් යොමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
රගර් ක‍්‍රිඩක වසීම් තාජුඞීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණය නිසි ලෙස සිදුවී නැති ආකාරයටම ලසන්තගේ මරණ පරීක්‍ෂණයත් සිදුවී නැති බවට ඇතිවී තිබෙන සැකයක් මත නැවත පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුවනු ඇත.
ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ මළ සිරුර මිහිදන්කර ස්ථානයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය අවශ්‍ය පියවර ගෙන ඇති බවද සදහන්ය.
ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්‍ෂි වසන් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දැනට විශ‍්‍රාමගොස් සිටින පොලිස් ප‍්‍රධානීන් කිහිප දනෙක්ගෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්ණකර තිබේ.
එ් අය අතර විශ‍්‍රාමික පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්, ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරීවරයෙක් ඇතුළු පොලිසියේ කිහිප දෙනෙක්ම සිටිති. එ් අය ඉදිරියේදි අත්අඩංගුවට පත්වීමේ හැකියාවක් පවතින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p