පොලිස් රෝහලේ ඔෟෂධවලින් කොමිස් ගහලා

September 5, 2016

නාරාහේන්පිට පොලිස් රෝහලේ සුළු මිලදී ගැනීම් ලෙස මාසිකව මිලදී ගන්නා ඹෟෂධ සදහා රුපියල් ලක්‍ෂ 100 කට වැඩි කොමිස් මුදලක් පොලිස් රෝහලේ ඉහළ නිලධාරියෙක් විසින් ලබා ගන්නා බව අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන විමර්ශනයකදී අනාවරණය වෙමින් ඇත.
සුළු මිලදී ගැනීම් ලෙස රුපියල් ලක්‍ෂ 300 ක පමණ ඹෟෂධ මාසිකව මිලදී ගන්නා බව එම විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර එම මිලදී ගැනීම් වලට සියයට 35 ක කොමිස් මුදලක් අදාල නිලධාරියාට ලැබී තිබෙන බව හෙළිවී තිබේ.
එම මුදලින් යම් කොටසක් ඉහළ පොලිස් නිළධෘරීන් කිහිප දෙනෙක්ට බෙදී ගොස් ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර එම නිළධාරීන් හදුනා ගැනීමට මේ වන විට විමර්ශන සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p