ශ්‍රී ලංකා තානාපතිට පහරදීම තරයේ හෙළාදකිනවා

September 5, 2016

මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි. අන්සර් මහතාට පහරදීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකින බව ශ්‍රී ලංකා රජය පවසයි.

විදේශ අමාතාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේදී මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

රාජකාරි කටයුක්තක් සඳහා ගුවන් තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටියදී මහ කොමසාරිස්වරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මහ කොමසාරිස්වරයා ප්‍රතිකාර සදහා ක්වාලාලාම්පූර් හී රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහ කොමසාරිස්වරයාගේ තත්ත්වය බරපතළ නොවන නමුත් එම සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් මේ පිළිබඳ පරික්ෂණයක් පවත්වන ලෙස එරට රජයට දැනුම්ද දී ඇති බව ද විදේශ අමාත්‍යංශය කියා සිටියි.

මෙම ප්‍රහාරයෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තා වන අතර
මෙම පරික්ෂණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p