වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නොතීසි

September 5, 2016

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ මහාධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ.

පාසල් ශිෂ්‍යයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් අද(05) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්  එම නියෝගය නිකුත් කළ බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සිද්ධියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට ද දැනුම් දී තිබේ.

අදාළ නඩුව සැප්තැම්බර් මස 19 වන දින යළි කැඳවීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p