ලක්ෂ 28ක කොල්ලය වරදියි…

September 5, 2016

රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා ස්වරණාභරණ තොගයක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිගත්හේන, බගතුලුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැළකින් සැකකරුවන් තිදෙනෙකු අදාළ රන් භාණ්ඩ තොගය කොල්ලකා ඇති බව සඳහන්ය.

පසුව ප්‍රදේශවාසින් විසින් මීන් එක් සැකකරුවෙකු අල්ලා පොලිසියට බාරදී ඇති අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී සෙසු සැකකරුවන් දෙදෙනා ද  අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.

මොවුන් පේරාදෙණිය, නාඋල සහ ගිනිගත්හේණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව  පොලිසිය කියා සිටියි.

සැකකරුවන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p