කෝටි 3‍ක කුඩු සමග 6ක් කොටු

September 4, 2016

හෙරොයින් කිලෝග්රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පල්ලිමුනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්රෑම් 2යි මිලිග්රෑම් 24 ක තොගයක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් ගජබා ඒකකයට අනියුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් සහ කෝටි තුනක පමණ වටිනාකමකින් යුතු එම හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p