සිංගප්පූරුවේ 41කට සිකා වැළඳිලා

August 30, 2016

සිංගප්පූරුව තුළ දී සිකා වෛරසය පුදගලයන් 41 දෙනකුට සම්ප්‍රේෂණය වී ඇති බව එරට සෞඛ්‍යය අමාත්‍යාංශය තහවුරු කරයි. මෙය බහුල ලෙස වැළැඳී ඇත්තේ විදේශ ඉදිකිරීම් සේවකයියන්ට වන අතර ඔවුන් සියලු දෙනා රටේ එකම කලාපයක් තුළ ජීවත් වන හෝ සේවය කරන අය වෙයි.ඔවුන් කිසිවතඅ සිකා ආසාදිත ප්‍රදේශ වල සංචාරය කළ බවක් වාර්තා නොවන බව අමාත්‍යාංශය පවසයි.මෙසේ සිකා වෛරසයට ගොදුරු වූ පිරිසෙන් 34 දෙනකු සුවය ලබා ඇති අතර තවත් 7 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

සිකා වෛරසය ශරීරගත වීම වඩාත් අයහපත් ලෙස බලපාන්නේ ගැබිණි මව්වරුන්ට වන අතර ඔවුන්ගෙන් උපත ලබන දරුවන් මයික්‍රොසෙෆලි නම් තත්ත්වයෙන් යුක්ත වන බව සොයා ගෙන ඇත.එම දරුවන් ගේ හිස සාමාන්‍ය දරුවකුට වඩා කුඩාව පිහිටයි.සිකා වෛරසය ප්‍රධාන වශයෙන් මදුරුවන් ගෙන් බෝ වන අතර ලිංගික වශයෙන් ද ව්‍යප්ත වන බව පසුව සොයා ගනු ලැබිණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p