එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු මරා දැමූ අයියා මලෝ පෝරකයට

August 30, 2016

තංගල්ල උණාකූරුව මුහුදු වෙරළේ දී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු 2002.10.02 දින ඉතා අමානුෂික ලෙස කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ඊයේ (29) මරණ දඩුවම නියම කළාය.

විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහිව පැවැති නඩු විභාගය අවසානයේදී තුන්වන හා හතරවන විත්තිකරුවන් නිදහස් කෙරිණි.

මෙසේ මරණ දඬුවම නියම වුයේ පළමු විත්තිකරු වූ තංගල්ල උනාකූරුවේ බෝගහ අසල පදිංචි 52 හැවිරිදි වැලිගත්සේතුංගේ ප්‍රදීප් ප්‍රියන්ත නැමැති තිදෙරු පියෙකුට හා දෙවන විත්තිකරු වූ තංගල්ල උනාකූරුවේ පදිංචි 61 හැවිරිදි වැලිගත්සේතුංගේ ඔලිවර් චන්ද්‍රසිරි නැමැති දෙදෙරු පියෙකුටය. මරණ දඩුවම හිමි වු මෙම සැකකරුවන් දෙදෙනාම එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි.

නඩු විභාගයෙන් පසු මිනිමැරීමේ චෝදනාවෙන් නිදහස් වුයේ තංගල්ල උනාකූරුවේම පදිංචි ඒ.වී. චමින්ද හා ඒ.වි.රංජිත් නැමති අයියා මලෝ දෙදෙනාය.තංගල්ල උනාකූරුවේ බෝගහ අසල පදිංචිව සිටි ආරුක්කට්ටු පටබැදිගේ සුජිත් හා ආරුක්කට්ටු පටබැදිගේ සනී නැමති දෙසොහොයුරන් 2002.10.02 දින උනාකූරුව මුහුදු වෙරළේ දී කපා කොටා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මරණ දඩුවම පමුණුවාලිමට මත්තෙන් විත්තිකරුවන්ට යමක් කීමට ඇද්දැයි මහාධිකරණ විනිසුරුවරිය විමසු විට මරණ දඬුවම නියම වු විත්තිකරුවන් දෙදෙනා පැවැසුවේ තමන් විවාහක අඹු දරුවන් සිටින අය බවත්, ධීවර රැකියාව කර අමාරුවෙන් ජීවත් වෙන බවත් ඒ පිළිබඳ සළකා බලා සිදු වූ වරදට සමාව ලබා දෙන බවත්ය.

විත්තිකරුවන් සිවුදෙනෙකුගෙන් යුත් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පැවැති සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම නිසා පළවන හා දෙවන විත්තිකරුවන් දෙදෙනාට මහාධිකරණ විනිසුරුවරිය මරණ දඩුවම නියෝග කළාය. විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම පමුණුවන තෙක් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් එහි රදවන ලෙසට මහාධිකරණ විනිසුරුවරිය බන්ධනාගාර නිගධාරීන්ට නියෝග කළාය.

විත්තිකරුවන් වෙනුවෙන් නිතීඥ නිශාන්ත සදභරණ මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නිතිඥ කොෂිලා විදානපතිරණ මහත්මිය හා තංගල්ල මුලස්ථාන පොලිසියේ පොලිස් සැරයන් (47861) තිලකරන්න මහතා පෙනී සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p