ජනපති වෙබ් අඩවියට රිංගූ පාසල් සිසුවා අත්අඩංගුවටගනී

August 30, 2016

ජනාධිපති නිල වෙබ් අඩවියට ඇතුළු වී එය අක්‍රීය කළ බවට සැකකරන මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (29) රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26දා මේ නිල වෙබ් අඩවියට හැකරෙකු ලෙස ඇතුළු වී එහි පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයින් නමින් හඳුන්වාගත් අයකුගේ තොරතුරු ඇතුළත් කරමින් හැකර් ප්‍රහාරයට ලක් කර තිබුණි.

එසේ වුවද පෙරේදා (28) වන විට අක්‍රිය වූ වෙබ් අඩවිය සක්‍රිය තත්ත්වයට පත් කරන්නට ජනාධිපති කාර්යාලය කටයුතු කර තිබුණු අතර මේ පිළිබඳ රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි. ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කෙරිණි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p