දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට කැබිනෙට්ටුවේ සහය

August 29, 2016

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව සදහන් පොලිස් නිළධාරීන් 129 දෙනෙකු සම්බන්ධයෙන් වූ කැබිනට් තීන්දුව ජාතික පොලිස් කොමිසමට ලැබී ඇතැයි එහි ලේකම් ආරියදාස කුරේ මහතා සදහන් කළේය.
එ් අය අය අතර උසස්වීම් ලබාදීම් , සේවය නැවත පිහිටුවීම් ආදිය සම්බන්ධයෙන් නිර්දේශ ඇතැයිද ලේකම්වරයා කීය.
ජාතික පොලිස් කොමිසම මේ දිනවල එ් සම්බන්ධයෙන් කරුණු අධ්‍යනයකරමින් සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
පසුගිය මහා මැතිවරණයේදී එජාප මහර ආසන සංවිධායකවරයා වෙමින් ගම්පහ දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂකයෙක් වූ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා නැවත සේවයේ පිහිටුවීමද දේශපාලන පළීගැනීම් වලට ලක්වූවන්ට සහන සැළසීමේ මෙම ලේඛනයේ ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. ජේ්‍යෂ්ඨ පොලිස් අධීකාරීවරුන් 06 දෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිධූරවලට උසස්වීම් කිරීමට නිර්දේශකර ඇති අතර ඉදිරි සතියේ එ් එක් නිළධාරියෙක් විශ‍්‍රාම ගැනීමටද නියමිතව ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p