අධිවේගයේ අනතුරින් 2ක් මරුට

August 29, 2016

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා – ඇළ පිටවීමේ දොරටුව ආසන්නයේදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් 19 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය.

ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි සහ 25 හැවිරිදි  තරුණයින් දෙදෙනෙකු බව ජා ඇළ පොලීසිය සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p