පාර්ලිමේන්තුවේ දී ජනපති එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ ගුණ සිහිකරයි..

August 27, 2016

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අභවප්‍රාප්ත හිටපු ඇමති එම්.කේ.ඩි.එස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ශෝක යෝජනාවට අද (26) එක් විය.
මන්ත්‍රීවරයෙකුගේ අභාවයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන ශෝක යෝජනාවකට එක්වී අදහස් දැක්වීමට ජනාධිපතිවරයෙකු සහභාගී වූවේ පළමු වතාවටය.
ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි අතර ඒ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශෝක යෝජනාවේදි අදහස් දක්වා අවසන් කර තිබුනි.
මෛත්‍රිපාල සිරිසේන මහතා සභාවට පැමිණෙන විට අදහස් පළ කරමින් සිටියේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාය. සෞඛ්‍ය ඇමතිවරයා කතාව අවසන් කළ පසු මූලාසනයේ සිටි කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාට කතා කිරිමට ආරාධනා කළේය.
ඒ අනුව එම්.කේ.ඩි.එස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් විනාඩි පහලොවක් පමණ කතා කරනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p