ඖෂධ මිල අඩු කරනවා

August 27, 2016

ඉදිරි සති දෙක ඇතුළතදී ඖෂධ මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඉතාම අඩු මිලකට අහිංසක රෝගී ජනතාවට ඖෂධ ලබාදීමට අවශ්‍ය මිල සූත්‍රය සැකසීමේ කටයුතු මේ වන විට අවසන් කරමින් තිබෙන බව ද ඇමැතිවරයා කීය. 

ජාතික ඖෂධ පනත සම්මත කර වසරක් ගත වුවද ඖෂධ අඩු කිරීමේ මිල සූත්‍රය සෑදීමට නොහැකි වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවැති විවිධ දුර්වලතා හේතුවෙන් බව ද ඇමැතිවරයා පැවැසුවේය.

විවිධ මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කරමින් සිදු කරන මාෆියාව අවම කිරීමට අවශ්‍ය සියලු කටයුතු අමාත්‍යාංශය යටතේ ගෙන තිබෙන්නේ යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඖෂධ මාෆියාව අවබෝධ කර ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය තමාගේ උපදෙස් ද ලබා ගනිමින් ඖෂධ ජාවාරමට එරෙහිව කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවැසුවේය.

ඇතැම් ඖෂධ ලබා ගැනීම සඳහා ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචිව ඇත්තේ එක් සමාගමක් වීම නිසා ඒ සමාගම නියම කරන මිලටම ඖෂධය ලබා ගැනීමට අමාත්‍යාංශයට සිදුව ඇති බවත් එම ක්‍රමවේදය වෙනස් කිරීම නිසා රුපියල් කෝටි ගණනක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p