උසස් නිලතලවලට පත් කරනු ලබන පුද්ගලයන්ට පොලිස්, සෞඛ්‍ය හා අදායම් බදු වාර්තා අනිවාර්ය සුදුසුකමක්

August 26, 2016

තානාපති ආදි උසස් නිලතලවලට පත් කරනු ලබන පුද්ගලයන් පිළිබඳව පොලිස්, සෞඛ්‍ය හා අදායම් බදු වාර්තා ද ඔවුන්ගේ අනිවාර්ය සුදුසුකමක් ලෙස සලකන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
සමහරු තානාපතිධූරයට පත්ව ගියදා සිටම ඉස්පිරිතාලයන් හි සිටින නිසා සෞඛ්‍ය වාර්තාවද උසස් නිලතල පිරිනමද්දි ඉතාම වැදගත් බවද කතානායකවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගු රීති ප්‍රශ්නයක් අතරතුර ඇති වූ විවාදයකදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ විදේශ රටවලට පත් කරන තානාපතිවරු, කොමසාරිස්වරු, රාජ්‍ය සංස්ථා, අධිකාරි, කොමිෂන් සභා හා රාජ්‍ය මණ්ඩලවල ඉහළ නිලතල සඳහා පුද්ගලයන් පත් කරද්දි පාර්ලිමේන්තු නිති රිතිවලට සහ සම්ප්‍රදායන්ට අනුකඣලව එම පත් කිරිම් කරන්නේද යන්නයි. එම තනතුරු සඳහා ඇමතිවරයා පත් කරන පුද්ගලයින් පාර්ලිමේන්තුවේ තිබෙන උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැදවිය යුතු බවයි.
මේ වන විට එම තනතුරුවලට පත් කර සිටින තුන් සියයකට අධික පිරිසක් තවමත් ඔවුන් පිළිබඳ පොලිස් වාර්තා ආදිය නොමැතිවීමෙන් උසස් නිලතල පිළිබඳ කමිටුවට පමුණුවා නොමැති බව දැන ගන්නට ඇති බවත් එය බරපතල ප්‍රශ්නයක් බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – මෙතන යම් ප්‍රමාදයක් පවතින බව ඇත්ත. උසස් තනතුරුවලට කෙනෙකු පත් කොට සති දෙකක් තුළ ඒ අය පිළිබඳ වාර්තා අමාත්‍යාංශයේ ලේකම් විසින් සති දෙකක් තුළ පාර්ලිමේන්තුවට එවන්න ඕනා. ඊට පසුව වාර්තා ලබා ගන්න ඕනා. වාර්තා ලබා ගැනීමේ ප්‍රමාදයක් තිබෙනවා. ඒ නිසා එම වාර්තා ලබා ගැනිමේ කාලසිමක් පනවන්න වේවි. මේ ගැන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරිමට සිදුවෙනවා.
කතානායක කරු ජයසූරිය මහතා
වර්තමාන තත්ත්වය අනුව උසස් නිලතලවලට පත් කරන අය සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේදි පොලිස් වාර්තා, සෞඛ්‍ය වාර්තා සහ ආදායම් බදු ගෙවිමේ වාර්තා ලබා ගන්නවා. එම වාර්තා ලබා නොගෙන අපි ඒ අය කැදවලා මුහුණ බලලා යන්න කියන්නේ නැහැ. කමිටුව ඉදිරියට කැදවලා නුසුදුසු පුද්ගලයන් කිහිපදෙනෙකුම අපි හරහා යැව්වා.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා කියන විදියට තුන්සියයක් අපේ කමිටුව හමුවේ නැහැ. පොලිස් වාර්තා ලබා ගැනීමේදී ප්‍රමාදයක් තිබෙනවා. ලේකම්වරු 37 ක් සහ රාජ්‍ය ආයතන 97 ක සභාපතිවරු පිළිබඳ පමණයි කටයුතු කරන්න ඉතිරිවෙලා තියෙන්නේ.
දිනේෂ් ගුණවර්ධන මහතා – අගමැතිතුමා පිළිගත්තා අඩුපාඩුවක් සිදු වෙලා තියෙනවා කියලා සභාපතිවරයෙකු පත් කළ පසු ලේකම් දන්නවා ඔහු කව්ද කියලා. පැය 24 ක් වැනි කාලයක් තුළ ඒ සභාපතිවරයා පිළිබඳ වාර්තාව යවන්න පුළුවන්. පුවත්පත් දැන්විම් දාලා වන්දනාවේ යන එකක් තමයි මේ වෙන්නේ. පත්වන නිලධාරියා ගැන පිටු දෙකක වාර්තාවක් සකස් කරන්න බැරි නම් ආයතන ප්‍රධානි තනතුරුක් භාර දෙන්න සුදුසු නැහැ.
කතානායක – ඇමරිකාවේ උසස් නිලතලවලට පත්වන අයගෙන් දවසක් ප්‍රශ්න කරනවා.
උදය ගම්මන්පිල මහතා – මේ ලබා ගන්නා තොරතුරු වාර්තා අතරට තවත් එක් වාර්තාවක් කැදවන්න කියලා මම ඉල්ලා සිටිනවා. ණය තොරතුරු කාර්යාංශයෙන් මේ අය ගැන ලබා ගන්නවා නම් හොදයි.
කතානායක – හොදයි මම ඒක උසස් නිලතල පිළිබඳ කාරක සබාවට යොමු කරන්නම්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p