අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනතට සංශෝධන කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව සුදානම්

August 26, 2016

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනතට ගෙන ඒමට නොහැකිවූ සංශෝධන ඇතුළත් කරමින් සංශෝධන කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව සුදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) ප්‍රකාශ කළේය.
පක්ෂ නායක රැස්වීමේදි එකඟ වූ සංශෝධන නැවත සංශෝධන කෙටුම්පතක් ලෙස යළි ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව කී අගමැතිවරයා ඒ අනුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනත් කෙටුම්පතටද එලෙස සංශෝධන ගෙන ආ හැකි බවද කීවේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. සංශෝධන තුනක් මේ පනතට සිය පක්ෂය ඉදිරිපත් කළ බවත් ඊට පක්ෂ නායක රැස්විමේදි එකඟත්වය පළ වූ බවත් පනත සම්මත කර ගන්නා අවස්ථාව් පැවැති ඝෝෂාකාරි තත්ත්වය හේතුවෙන් එය කිරිමට නොහැකි වූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සභානායකවරයා හා විදේශ ඇමති මංගල සමරවිර මහතා සමඟ සාකච්ඡා කරනා ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව සියලූ දෙනා සාකච්ඡා කොට ඇති කර ගන්නා එකඟතාවය ප්‍රකාරව එම සංශෝධනයන් ඇතුළත් කළ හැකි බවද අගමැතිවරයා කිවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p