පැහැර ගැණුනු ව්‍යාපාරිකයාව මරා ඇත්තේ හිසට පහරදිමෙන්

August 26, 2016

බම්බලපිටියේදී පැහැර ගැණුනු ව්‍යාපාරිකයාව මරා දමා ඇත්තේ හිසට පහරදීමකින් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී  තහවුරු වී ඇත.
ව්‍යාපාරිකයාව පැහැර ගන්නා අවස්ථාවේ ඔහු පොරබදා ඇති බවත් එහිදී ඔහුගේ හිසට තදබල පහරක් එල්ලකරන්නට ඇති බව එ් අනුව පොලිසිය විශ්වාස කරයි. හිසට එල්ලකල එක් පහරින්ම ඔහු මියගොස් බිම වැටී ඇති බවත් බිම වැටීමේදි ඇතිවූ තුවාල සලකුණු පවා පශ්චාත් මරණ පරීක්‍ෂනයේදී අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්ව ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ව්‍යාපාරිකයාව පැහැර ගැණුනු ස්ථානයේ තිබුණු ලේ සලකුණ බිම වැටීමෙන් පසු හිසෙන් ගලාගිය ලේ පැල්ලම් බව පොලිසිය සැකකරයි.
පැහැර ගැණුනු දින රාත‍්‍රියේදී ඔහු ලබාගත් ආහාර කොටස් ආමාෂයේ තිබී ඇති බැවින් ඔහුගේ මරණය 21 වෙනිදාම සිදුව ඇති බව තහවුරු වී තිබේ.
ව්‍යාපාරිකයා සිහිසුන්වී ඇතැයි සිතා ඔහුව පැහැරගත් අය රැුගෙන ගොස් මියගොස් ඇතැයි දැනගත් පසු මළ සිරුර මාවනැල්ලේ දමා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ව්‍යාපාරිකයාගේ පියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙමින් කෑගල්ලේ පිහිටි කොමයුනිකේෂන් ආයතනයකින් 22 වෙනිදා පෙරවරු 9.00 ට පමණ රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා ඇත්තේ මළ සිරුර විසිකිරීමෙන් පසුව බව පොලිසිය අනුමාන කරයි.
ව්‍යාපාරිකයාව පැහැරගත් පුද්ගලයන් කෑගල්ල සහ මාවනැල්ල ප‍්‍රදේශය පිළිබදව දැනුමක් ඇති අය මෙන්ම ව්‍යාපාරිකයාගේ පවුලේ තොරතුරුද හොදින් දන්නා අය බව පොලිසිය වශ්වාස කරයි. ව්‍යාපාරිකයාගේ මව් පියන් ඉන්දියාවේ සංචාරයක නිරතවී නැවත මෙරටට පැමිණ ඇත්තේ 22 දාය. කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම ලැබී ඇත්තේද එදිනමය. එම ඇමතුම ලැබී ඇත්තේද ව්‍යාපාරිකයාගේ පියාගේ ජංගම දුරකථනයටය. කප්පම්කරුවන් ව්‍යාපාරිකයාගේ පියාගේ ජංගමදරකථන අංකය පවා දැන ගෙන සිටීමෙන් පැහැදිලි වන්නේ ව්‍යාපාරික පවුල ගැන හොදින් දන්නා පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයැයි පොලිසිය විශ්වාස කරයි.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p