ත්‍රිකුණාමලයේ සිංගප්පූරුවේ අනුග්‍රහයෙන් කර්මාන්ත කලාපයක්

August 25, 2016

ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සිංගප්පූරුවේ අනුග්‍රහයෙන් කර්මාන්ත කලාපයක් ඇති කිරිමට තිබෙන සැලසුම තුළ නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ ඉඩම්වලට කිසිදු බලපෑමක් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ සභාර්නා සමාගමට අයත් කර්මාන්ත කලාපයක් එම ප්‍රදේශයේ ඉදි කෙරෙන බවද අගමැතිවරයා කීවේය.
මේ වන විට ඊට අදාල ඉඩම් හදුනා ගැනීම ආරම්භකර ඇති අතර ඊට අදාළ ඉදිරි කටයුතු මහානගර ව්‍යාපෘතිය භාර අජිත ද කොස්තා මහතාගේ සහභාගීත්වයෙන් සිදුවන බවද අගමැතිවරයා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බමල් රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.
මෙම කර්මාන්ත කළාපය ඉදිරි කිරීමේදී ත්‍රිවිධ හමුදාවට අයත් ඉඩම්වලට හැනියක් නොවන අයුරින් එම ඉදිකිරිම් කටයුතු කරනා බවද අගමැතිවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p