මාමා බෑනා ප්‍රශ්නයක් සභාවට නැහැ. ඒක මෙතනට අවශ්‍ය නැහැ

August 25, 2016

සභාව තුළ ෙ මාමා බෑනාෙ සම්බන්ධතාවයක් නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතාගෙන් ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේ ඇතිවූ විවාදයකදී මතු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය.
එම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ෙ බෑනා නිසා බේරුවා නේදෙ යැයි ප්‍රකාශ කළහ.
කැස්බෑව ප්‍රදේශයේ ඉඩමක් කැබිලි කර විකිණිම සම්බන්ධයෙන් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබුනි. ඇමතිවරයා එයට පිළිතුරු දෙන අතර මන්ත්‍රීවරයා විමසා සිටියේ තේ මණ්ඩලයේ මුදල් භාණ්ඩාගාරයට ගත හොත් ඉල්ලා අස්වෙනවා කියු ප්‍රශ්නය දැන් විසදිලාද යන්නයි.
ෙ ඔය ප්‍රශ්නය මෙතනට අදාල නැහැ නේ. එතුමා කැමති නම් පිළිතුරක් දෙයි ෙ යනුවෙන් කතානායකවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
මගෙන් මේ ගැන වෙනම ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම් යැයි ඇමති නවින් දිසානායක මහතා ප්‍රකාශ කරද්දි ජ.වි.පෙ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ බෙෑනා බේරුවා නේදෙ යනුවෙනි.
කතානායක – මාමා බෑනා ප්‍රශ්නයක් සභාවට නැහැ. ඒක මෙතනට අවශ්‍ය නැහැ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p