අලි ජාවාරමට සම්බන්ධ අයට දඩුවම් දීමට කටයුතු කරනවා – ගාමිණි ජයවික්‍රම

August 25, 2016

අලි ජාවාරමට සම්බන්ධ වූ වනජීවි නිලධාරින් සොයා ඔවුන්ට දඩුවම් පැමිණවිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය.
ඊට අමතරව අලි ජාවාරමට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව කටයුතු කරන ලෙස නිතීපතිවරයාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුවත් කර ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
අලි ජාවාරමට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරිමට තමන් කටයුතු නොකරන බවද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් අලි ජාවාරමට සම්බන්ධ බවත් ඔවුන්ට එරෙහිව කටයුතු නොකරන්නේ මන්දැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.
අලි පැටව් ලබාදීම සඳහා බලපත්‍ර වාර්ෂිකව ලබා දෙන බවත් ඒ යටතේ දැනට ලබාදී තිබෙන බලපත්‍රයන් වාර්ෂිකව අලූත් කිරිමට කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට අලි පැටව් 35 දෙනෙකු රජයේ වියදමින් හීලෑ කර දුප්පත් වෙහෙර විහාරස්ථානවලට ලබාදීමට කටයුතු කරනා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p