නේපාලයේ ආයෝජනයට ලංකාව සැරසෙයි

August 24, 2016

නේපාලයේ අධ්‍යාපන හා යටිතල පහසුකම් සඳහා ආයෝජනයට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්. එස්. පෙරේරා මහත්මිය පැවසීය. නේපාලයේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ශ්‍රී ලංකා තානාපතිනිය, දෙරට අතර ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමට නිරන්තරයෙන් ශ්‍රී ලංකාව උනන්දුවෙන් පසුවන බව පැවසීය. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම වෙනුවෙන් දෙරටේ පුද්ගලික අංශ වෙත වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව ද කියා සිටියාය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p