පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු තෘප්තියක් අපට නෑ – අනුර දිසානායක

August 23, 2016

රටේ වංචා-දූෂණ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ පිළිබඳ කිසිදු තෘප්තියක් නොමැති බවත්, පහුගිය ආණ්ඩුවේ වංචා-දූෂණවලට සම්බන්ධ වුණු මේ ආණ්ඩුවේ ඇමතිකම් කරන අය සිටින බවත්, ඔවුන්ගේ ෆයිල් යට ගසා ඇති බව ජවිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ වගේම දැනට සිදුවෙමින් තිබෙන ඇතැම් පරීක්‍ෂණවලට ඉහළින් බලපෑම් සිදුවෙමින් තිබෙනවා. එනිසා අපි මෙම වංචා-දූෂණවලට එරෙහිව සිදුකරන පරීක්‍ෂණ සම්බන්ධයෙන් තෘප්තියට පත්වෙන්නේ නැහැ. සී.එස්.එන්. ආයතනයේ මුදල් රාජසන්තක වී තිබෙනවා. මල්වානේ මාලිගයක් සහ ඉඩමක් ආණ්ඩුවට පවරාගෙන තිබෙනවා. මාතර බ‍්‍රවුන්ස්හිල් ආයතනයේ ඉඩමක් රජයට පවරාගෙන තිබෙනවා. දේපළ පවරාගෙන හොරා නිදහස් කිරීමේ ක‍්‍රමවේදයක් දැන් අනුගමනය කරමින් තිබෙනවා. එසේ වියයුතු නැහැ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p