නිමි ඇදුම් ගෙන්වන ව්‍යාපාරිකයා පැහැර ගෙන

August 22, 2016

ඉන්දුනීසියාවෙන් සහ චීනයෙන් මෙරටට නිමි ඇදුම් සහ රෙදි තොග ආනයනයකර බෙදාහරිනු ලබන කෝටිපති ව්‍යාපාරිකයෙකුව පැහැර ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාය විසින් ආරම්භකර තිබේ.
එම ව්‍යාපාරිකයාව 21 රාත‍්‍රි 11.30 ට පමණ ඔහු පදිංචිව සිටින බම්බලපිටියේ කොතලාවල පාරේ නිවස ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මොහොමඞ් සකීම් සුලෙයිම් නැමැති විසි නව හැවරදි මෙම ව්‍යාපාරිකයා පෙරේදා 21 සවස නිවසින් පිටතට ගොස් ඇත්තේ වැල්ලවත්තේ පැවැති විවහා උත්සවයකට සහභාගිවීමටය.  එම විවාහ උත්සවයේ රැුදී සිට පසුව මිතුරන් කිහිප දෙනෙක් සමග කොල්ලූපිටියේ ෆිලා හවුස් වෙත පැමිණ තේපානයකර ඇති ඔහු බිරිදව රැුගෙන එන බව සදහන් කර එම ස්ථානයෙන් තනිවම පිටත්ව ගොස් ඇති බවද පොලිසිය කියයි. පසු ඔහු බිරිදට කෑම පැකට්ටුවක්ද රැගෙන ඔහු නිවස ඉදිපිටට ගොස් රාත‍්‍රි 11.15 ට පමණ බිරිදට දුරකථන ඇමතුමක් දෙමින් ගේට්ටුව විවරකරන ලෙස දැනුම් දී තිබේ.
බිරිද ගේට්ටුව විවරකරනවාත් සමග ඉතා වේගයෙන් මෝටර් රථයක් එම ස්ථානයෙන් ගමන්කරනු දැක ඇති අතර සැමියා සිට නැත. සැමියාගේ මෝටර් රථය අසල නතර කර තිබී ඇති අතර කෑම පැකට්ටුව බිම වැටී තිබී ඇත. මාර්ගයේ ලේපැල්ලම් කිහිපය සලකුණු තිබී ඇත.
එ් අනුව ඇය එ් ගැන බම්බලපිටිය පොලිසියට පැමිණිලිකර තිබේ. පොලිසිය එහි ැමිණ කළ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ යම්ගැටුමක් එහි ඇතිවී තිබෙන බවය. ලේ පැල්ලම් එහිදී තුවාලවූ අයෙකුගේ බව පොලිසිය සැකකරයි.
මෙම ව්‍යාපාරිකයා තවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේත්  කොළඹ අපරාධ කොට්ඨාශයේත් පැමිණීලි හතරක් ඉදිරිපත්කර තිබෙන බව පොලිසිය කියයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කර ඇති පැමිණිලි අතර රුපියල් කෝටි 04 ක් සහ රුපියල් කෝට් 03 ක් ඔහුට වංචාකිරීමක් ගැනද කොළඹ අපරාධ කොට්ඨාශයේ කර ඇති පැමිණිළි අතර රුපියල් ලක්‍ෂ 45 ක් සහ ලක්‍ෂ 33 ක් වංචා කිරීමක් ගැනද වෙතැයි පොලිසිය කියයි.
එම පැමිණිලි සහ පැහැර ගැනීම අතර යම් සම්බන්ධයක් තිබේදැයි සොයා බලන බව පොලිසිය සදහන් කරයි.
ආරක්‍ෂක කැමරා දත්තයන්, දුරකථන ජාල පරීක්‍ෂාවන් මේවන විට සිදුකරමින් සිටින බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත්භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ උපදෙසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධීකාරී නිශාන්ත සොයියා මහතාගේ මෙහෙයැවීමෙන් විමර්ශන පැවැත්වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p