එකම පවුලේ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවේ

August 19, 2016

කොටහේන වාසල පාරේ ශාන්ත බෙනඩික් මාවතේ නිවසක තිබී එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු 3ක් පොලිසිය විසින් අද (19) දහවල් සොයාගෙන ඇත.

කොටහේන පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුරු සොයා ගැනුණු බවපොලිසිය ප්‍රකාශ කළේය.

නිවසින් ගදක් වහනය වන බව ප්‍රදේශවාසින් පොලිසිය දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම මළ සිරු‍රු තුන සොයා ගෙන ඇත.

මියගිය තිදෙනා වස පානය කර මියයන්නට ඇතැයි සැකකෙරෙන බවද පොලීසිය ප්‍රකාශ කරයි. වැඩිදුර පරික්ෂණ කොට‍හේන පොලීසිය විසින් සිදු කරයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p