යහපාලන පළමු සැමරුම ජනපති අගමැති ප්‍රධානත්වයෙන්

August 19, 2016

යහපාලනය සඳහා වන ජාතික රජයේ පළමු සැමරුම සඳහා රජයේ මුදල්, සම්පත් හෝ දේපොල යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබේ.
යහපාලන රජයේ පළමු සංවත්සර සැමරුම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී අද (19) පස්වරුවේ පැවැත්වේ.
පළමු සංවත්සර සැමරුමේදී වසර කාලයක් තුළ යහපාලන රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් විචිත්‍රාංගයන්ගෙන් දැනුවත් කිරිමේ අවස්ථාවක්ද මෙහිදි ඉදිරිපත් කෙරේ.
යහපාලන රජය ජනතාවට දුන් ප්‍රතිඥාව අනුව අවම වියදමකින් රැස්විමක් පමණක් පවත්වා මෙම සැමරුම් උත්සවය පැවැත්විමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් තීරණය කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p