විශේෂ කාර්ය බලකායට නව සේනාවිධායකයෙක් පත් කරයි

August 18, 2016

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව සේනාවිධායක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාව ජාතික පොලිස් කොමිසම විසින් පත්කිරීමේ නියෝගය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද (18) නිකුත්කර තිබේ.
එම පත්කිරීමට අදාල ලිඛිත ලියැවිල්ල පොලිස්පතිවරයා මහනුවර සිට අද (18) ෆැක්ස් පණිවිඩයක් මගින් ලතීෆ් මහතා වෙතද එවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.
පසුගිය 10 වෙනිදා සිට ක‍්‍රියාත්මකවන ලෙස ලතීෆ් මහතාව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධියක ලෙස පත්කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණත් පොලිස්පතිවරයා එම පත්කිරීමට අදාල නියෝග නිකුත් නොකර ඊයේ වන තුරුම සිටියේය. එ් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසා දැඩි තීන්දුවක් අද ගැනීමට ජාතික පොලිස් කොමිසම තීරණයකර තිබිණි. එහෙත් පොලිස්පතිවරයා අද ජාතික පොලිස් කොමිසමේ රැස්වීමට සහභාගිවී සිටියේ නැත. මහනුවර පෙරහැර අවසන් වීම ජනාධිපතිවරයාට දැනුම්දීමේ උත්සවයට ජනාධිපතිවරයා සහභාගිවන බැවින් පොලිස්පතිවරයාත් එම උත්සවයට සහභාගිවීමට මහනුවර ගොස් ඇති බැවින් පොලිස් කොමිසමේ රැස්වීමට සහභාගිවී නැති බව සදහන්ය.
මහනුවර සිට ලතීෆ් මහතාගේ පත්වීමේ නියෝගය ඔහු නිකුත්කරන්නේ එ් අනුවය. ලතීෆ් මහතා හෙට (19) පෙරවරුවේදී විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p