ඡන්ද ආකෘති පත්‍ර දෙන්න මැතිවරණ කොමිසම තවත් කල් දෙයි

August 18, 2016

2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කර භාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් ඒ සදහා කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා ගෙයින් ගෙට ගොස් සිදුකළ සංගණන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.
එහෙත් මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර රැසක් බාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා තවදුරටත්  අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඊට අදාළ ආකෘති පත්‍රය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන්  බාගත කරගැනීමට හැකියාව පවතින බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එය සම්පූර්ණ කොට ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශය ද සහිතව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට හෝ මැතිවරණ කොමිසමේ මහලේකම් කාර්යාලයට බාරදීය හැකිය.
අගෝස්තු මස 26 වන දින දක්වා ඒ සඳහා කල් ලබාදෙන අතර ඉන් අනතුරුව 2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට අදාළ ආකෘති පත්‍ර බාරගැනීමක් සිදු නොකරන බව මැතිවරණ කොමිසම කියා සිටියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p