මහින්දගේ මන්ත්‍රීවරු 06 කට ආසන සංවිධානයකධූර අහිමිවේ.

August 17, 2016

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල හා සී.බී රත්නායක යන අයගේ ආසන සංවිධායකධූර ඔවුන්ට අහිමි වී ඇත.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව ආ‍සන සංවිධායකවරුන් ඔවුන්ගේ ආසන සදහා පත් කිරිම නිසාවෙනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (17) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී දිවුරුම් දුන්හ.

නව ආසන සංවිධායකවරු 16 ක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 24 ක් ඒ අතර වෙති.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතු`එ පිරිසක් සහභාගී වූහ. එම නාම ලේඛන පහත දැක්වේ.LNP slfp orgernaisors 2LNP slfp organaisars 1

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p