පූජිත් නාමික පොලිස්පතිවරයෙකු වෙන ලකුණු

August 17, 2016

පොලිස් කොමිසම විසින් ලබාදෙන නිර්දේශ තවදුරටත් පොලිස්පතිවරයා විසින් ක‍්‍රියාත්මක කරන්නේ නැතිනම් එ් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
පොලිස් කොමිසම විසින් ලබාදෙන නිර්දේශ ක‍්‍රියාත්මක නොකරමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම හෑල්ලූවට ලක්කරමින් සිටින බව ජාතික පොලිස් කොමිසමට පෙනී ගොස් ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
පොලිස් පරිපාලන අංශය භාර ප‍්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා පත්කිරීමේ නිර්දේශයත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂකවරිය ලෙස පොලිස් අධිකාරී සෝමා කුමාරසිංහ මහත්මිය පත්කිරීමේ නිර්දේශත් එකී නිලදාරීන්ට නිළ වශයෙන් දැනුම් දී ක‍්‍රියාත්මක කර ඇත්තේ ප‍්‍රමාද කරමිණි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පත්කරන්නැයි ජාතික පොලිස් කොමිසම නිර්දේශකරනුයේ පසුගිය 10 වෙනිදා සිට ක‍්‍රියාත්මකවන ලෙසිණි. ඊයේ 16 වන තුරුම පොලිස්පතිවරයා එම පත්කිරීම සම්බන්ධයෙන් නිළ නියෝගය නිකුත්කර තිබුනේ නැත. එ් සම්බන්ධයෙන් නිදහසට හේතු හෙට (18) රැස්වන ජාතික පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාගෙන් විමසා එ් අනුව තීන්දුවක් ගැනීමට නියමිත බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
පොලිස්පතිවරයා හැරුණු කොට සෑම පොලිස් නිළදාරියෙක්ම පත්කිරීමේ ස්ථාන මාරුකිරීමේ සහ විනය සම්බන්ධයෙන් බලධාරියා වන්නේ ජාතික පොලිස් කොමිසමය. එහි ඇතැම් බලතල පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම මගින් පවරා ඇත. පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම විසින් ලබාදෙන නිර්දේශ කි‍්‍රයාත්මක නොකරන්නේනම් ජාතික පොලිස් කොමිසමට එකී නියෝග පොලිස්පතිවරයා හරහා නොයවා ඝෘජුව ලබාදීමට බලතල ඇතැයිද කොමිසමේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p