නාමල් රාජපක්ෂ සාමාන්‍ය රැදවූවන් වෙත යවයි

August 16, 2016

මුදල් විශූද්ධිකරණ පනතින් බන්ධනාගාර ගත කෙරුණු පර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ එම්. 01 වාට්ටුවේ සාමාන්‍ය රැදවූවන් සමග රදවා සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.
එම වාට්ටුවේ රිමාන්ඞ් රැදවූවන් හතලිස් පහක් පමණ සිටින බවද බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය. මෙයට පෙර මැගසින් බන්ධනාගරයේ ඔහුව රැදවූ අවස්ථාවේදී රැදවූවන්ට යෝගා ව්‍යායාම පහුණුවීම් ලබාදුන් බව කියැවුණත් මෙවර ඔහු තරමක් තැති ගැන්මකින් සිටින බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p