අගමැති චීනයේ වරායන් ගැන සොයයි

August 16, 2016

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ෂෙන්ඡන් චයිනා මර්චන්ට් සමාගම මගින් පාලනය වන ෂෙකොයු බහාලූම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මීට වසර 25 කට කලින් මෙහෙයුම් ආරම්භ කරන ලද ෂෙකොයු බහාලූම් පර්යන්තය ලෝකයේ කාර්ය බහුලතම පර්යන්තයක් සේ සැලකේ. ලෝකයේ ප්‍රධානතම බහාලූම් පර්යන්ත 20 අතර මෙම පර්යන්තයට ද විශේෂ ස්ථානයක් හිමිවී ඇති අතර නාවුක මාර්ග 160 ක් ඔස්සේ ලෝකයේ රටවල් 18 ක් සමග සම්බන්ධතා පැවැත්වීමට ද සමත් වී ඇත.

මෙම බහාලූම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ විශේෂඥ දැනුම චයිනා මර්චන්ට් සමාගම ඔස්සේ දැනටමත් කොළඹ වරාය මෙහෙයුම් කටයුතු සඳහා ලැබී ඇත. ශ්‍රී ලාංකීය සේවක සේවිකාවන්ට පුහුණු අවස්ථා ගණනාවක් ද මෙම පර්යන්තය මගින් ලබාදී තිබේ.

අනාගතයේ ශ්‍රී ලංකාවේ වරාය සහ බහාලූම් පර්යන්ත මෙහෙයුම් කටයුතු සඳහාත්, නිදහස් වෙළෙඳ කලාප සැලසුම් කිරීම සඳහාත් චීනයේ එකම පුද්ගලික නිදහස් වෙළෙඳ කලාපය සතු චයිනා මර්චන්ට් සමාගමේ විශේෂඥ දැනුම ලබා ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ.

ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිස ෂෙකොයු ප්‍රදර්ශන ශාලාව නැරඹිමට ද ගියහ. 1872 වසරේ චීනයේ ෂංහයි නගරයේ දී ආරම්භ කරන ලද චයිනා මර්චන්ට් සමාගම මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳවත්, ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණ.

ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, බස්නාහිර මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත ද කොස්තා, සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංගල යාපා, දකුණු සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත්, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක රයන් රොක්වුඩ් යන මහත්වරුන් ද, චයිනා මර්චනට් සමාගමේ නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p