අටවන උගුල් මත නැටවෙන රූකඩ

August 16, 2016

වත්මන් ආණ්ඩුව නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී ඇත්තේකොක්කෙන් බැරි නම් කෙක්කෙන් යන පදනමින් නිසා යම් අවංක අදහසකින් ආණ්ඩුවට උදව් කළ අයට තීරණයක් ගන්න බලකර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්වය තේමා කරගෙන “අටවන උගුල් මත නැටවෙන රූකඩ” නමින් අගෝස්තු (15) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණය අමතමිනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රටපුරා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවක ආරම්භක පියවර ලෙස පැවැති සම්මන්ත්‍රණයේදී ප්‍රචාරක ලේකම්වරයා මෙසේද සදහන් කළේය.

“මීට අවුරුදු එක හමාරකට කලින් අපි කියපු අදහසක් තිබුණා. මූණු මාරුවක් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගන්න, ජාතිවාදය පරාජය කරන්න බෑ කියලා. හොරකම් නවත්තන්න බෑ කියලා. දෙවැනි මහින්ද කෙනෙක් බිහි වීම විතරයි වෙන්නේ කියලා. ඊට වෙනස් මත දරපු අය හිටියා. ආණ්ඩුව මාරු කරලා ඒවා දිනා ගන්න පුළුවන් කියලා අවංකව හිතපු අය හිටියා. දැන් අවුරුදු එක හමාරකට කලින් අපි තැන් දෙකක හිටියේ. දැන් ඇති වෙලා තියෙන තත්වය තුළ අපට එක තැනකට එන්න පුළුවන්. අපට එක වේදිකාවක, එක්සත් පෙරමුණක ඉඳගෙන එක්සත් ක‍්‍රියාමාර්ගවලට යන්න පුළුවන්.

මාලඹේ සයිටම් එකට අදාළ ප‍්‍රශ්නය සලකන කොට පැහැදිලිව පෙනෙන්න තියෙනවා ආණ්ඩුවේ අරමුණ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීම බව. දැන් පුරවැසි බලය වගේ සංවිධාන කියන්න ඕන මේ ගැන තමන්ගේ මතය. ඒ ගැන තියෙන ස්ථාවරයන් නිසා ඒ සංවිධාන දැන් දෙකඩ වෙමින් තිබෙනවා. ඒක ඉස්සරහට තව උග‍්‍ර වෙනවා. ආණ්ඩුව ඉස්සරහා දණ ගහලා, පඬුරු පාක්කුඩම් ගන්නේ කවුද කියලා පෙනෙමින් තිබෙනවා. එහෙම නැති අය ඉවත් වෙමින් ඉන්නවා.

atawana-ugul-colombo

Sammy

Previous story Next story

Leave a comment

t

o

p