වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව ඈමරිකාවේ සතුට

August 16, 2016

වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අමෙරිකානු රජය බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට රජය ගෙන ඇති යාන්ත්‍රණය පිළිබඳව සහ නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බවයි.

යාපනය ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් අතුල් කේෂප් මහතා මෙම අදහස් පළ කර තිබේ.

සියලු ජාතීන්ට එකහා සමානව සැළකීමට වත්මන් රජය ගෙන යනු ලබන ක්‍රියාමාර්ග අගය කරන බවත් ඊට සෙසු පක්ෂ ලබාදෙන සහය පිළිබදව සතුටට පත් වන බවත් අතුල් කේෂප් මහතා පෙන්වා දෙයි.

අමෙරිකානු රජයේ ආධාර මත යාපනය ප්‍රදේශයේ පවත්වනු ලබන වෛද්‍ය සායනයක් පිළිබඳව සොයාබැලීම සඳහා අමෙරිකානු තානාපතිවරයා යාපනයේ සංචාරයේ නිරත වු අතර මෙහිදී යාපනයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ද සාකච්ඡා පවත්වා තිබේ.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග අතුල් කේෂප් මහතා ඊයේ(15) පස්වරුවේ සාකච්ඡා පැවැත්වු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අතුල් කේෂප් මහතාගේ මෙම සංචාරයෙන් කිසිඳු යහපතක් සිදුනොවු බව උතුරු පළාත් සභාවේ සභාපති කේ.ශිවඥානම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තම ගැටළු අමෙරිකානු තානාපතිවරයාට ඉදිරිපත් කළ ද ඔහු එම ගැටළු පිළිබඳව නිසි ප්‍රතිචාරයක් ලබානොදුන් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p