නොර්වේ අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් සංවිධානය කර තිබුනු දිවා භෝජන සංග්‍රහය

August 16, 2016

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නොර්වේ අත්‍රාමාත්‍යවරිය වන ඉර්නා සොයිඉබීර්ග් ( ERNA SOIBERG ) මහත්මිය පසුගියදා දකුණු පළාතේ සංචාරයක යෙදුනු  අතර එහිදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවී සුහද කතාබහක ද නියැලුනි.

නොර්වේ අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් සංවිධානය කර තිබුනු දිවා භෝජන සංග්‍රහයක් අතරතුර සිදුවූ මෙම හමුව සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුලු දකුණේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් කිහිප පලක් ද එක්වූහ. මෙම දිවා භෝජන සංග්‍රහය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනාවෙන් සිදුවූවකි.

DSC_7990 DSC_7997 DSC_8010 DSC_8037 DSC_8051

Sammy

Previous story Next story

Leave a comment

t

o

p