පොලිසියේ වැඩිකළ වැටුප පසු වැටුප්ද සමග ලබන ජනවාරියේ – ඇමති සාගල

August 15, 2016

පොලිස් නිලධාරීන් සදහා  අයවැයෙන්  වැඩිකළ වැටුප් ලබාදීම ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය  කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා (14) මාතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොටවිල පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

මෙම වැටුප් වැඩිකිරීමේ කටයුත්ත සදහා අමාත්‍යවරයා ලෙස තමන්ද, අමාත්‍යංශ ලේකම්තුමන්ද, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ  සහ ගරු ජනාධිපතිතුමන්ගේද පුර්ණ සහයෝගය ලැබී ඇතිබවද පැවසීය. රජය ලබාදුන් පොරොන්දුව යටතේ වැටුප් වැඩිකිරීම ලබාදෙන බවත් ජනවාරි පළමුවනදා සිට පසු වැටුප් සමගම ඒ වැටුප් වැඩිකිරීම සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p