උසේන් බෝල්ට් යළි ලොව වේගවත්ම මිනිසා වෙයි

August 15, 2016

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම තරග ඉසව්ව තත්පර 9.58කින් නිම කර තිබූ බෝල්ට් සතුව එහි ලෝක වාර්තාව තවමත් පවතින අතර මෙවර රන් පදක්කම ඔහුට අහිමිවනු ඇතැයි විවිධ පුද්ගලයින් අනාවැකි පළ කර තිබිණි.
එම තරග ඉසව්වේ රිදී පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් හිමිකර ගත් අතර ඔහු තරගය නිමා කළේ තත්පර 9.89 කිනි. එහි ලෝකඩ පදක්කම කැනඩාවේ ඇන්ඩි දි ග්‍රේස් හිමිකරගත්තේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p