මඟුල් ගෙදර කෑම විෂවී 13දෙනෙකු රෝහල් ගත කරයි…..

August 15, 2016

බගවන්තලාව මෝරා වතුයායේ පෙරේදා (13) පැවති විවාහ මංගල උත්සවයක ඉතිරිවු ආහාර ඊයේ (14) උදෑසන අනුභව කළ දහතුන්දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි.

පෙරේදා (13) රාති‍්‍ර එම විවහා මංගල උත්සවයේදි ලබා දුන් බත්, කුකුල් මස්, පරිප්පු ඇතුලූ  තවත් ව්‍යංජන ගණනාවක් ඉතිරිවී ඇති අතර එම ආහාර ඊයේ උදෑසන ආහාරයට ගත් පිරිසෙන් වැඩිහිටි පිරිමින් තුන්දෙනෙකු කාන්තාවන් සිව් දෙනෙකු අවුරුදු හයේ සිට අවුරුදු දහය දක්වා වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් තිදෙනෙක් සහ පිරිමි ළමුන් තිදෙනෙකු මෙසේ රෝහල් ගත කර තිබේ.

වමනය, ක්ලාන්තය යන රෝග ලක්‍ෂණවලින් මෙම අය පෙලෙන බව  බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඒ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය හා බගවන්තලාව පොලිසිය වෙන වෙනම පරික්‍ෂණ ආරම්භ කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p